පුළුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් වට පිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ
හිමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ
බළල් හාමිනේගෙ සැමියා බළල් රාළහාමි
රැවුල් මූණ පුම්බාගෙන මට ආඩම්බර පාවී
බළල් හාමිනේගෙ පැටියා පුංචි බළල් හාමි
නූල් බෝලයක් පෙරළාගෙන සෙල්ලම් කරාවී
පුළුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් වට පිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ
හිමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ
බළල් හාමිනේගෙ දෑස නිල් මැණික් වගෙයිනේ
නෙත් කොණින් බැලුම් හෙලද්දී ආදරේ හිතෙන්නේ
බළල් හාමිනේගෙ දුක සැප මං තමයි බලන්නේ
මගේ පණ වගේ අගේ මට බළල් හාමිනේ
පුළුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් වට පිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ
හිමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ