සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කරදෙන්නේ
සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කරදෙන්නේ
සකල බුජං අහිංසකයි
අහිංසකයි වුනාට හරිම කඩිසරයි
සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
සකල බුජෝ අතුගාපන් අක්කා කියන්නේ
සකල බුජෝ වතුර ගෙනෙන් අම්මා කියන්නේ
සකල බුජෝ අතුගාපන් අක්කා කියන්නේ
වයස අටයි පොඩි කොල්ලා
පොඩි කොල්ලා වුනාට වැඩට දක්සයා
පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා
වත්ත පහල කටුස්සන්ගේ එකම මාරයා
පොල් කඩන්න පොල් ගාන්න හරිම සූරයා
වත්ත පහල කටුස්සන්ගේ එකම මාරයා
අම්මා නැතී අප්පා නැතී
පොඩි කාලේ ඉඳලාම අපේ ගෙදරමයි
ගොරවනකොට හරිම බයයි කන් වසා ගනී
එහෙත් ගොරව ගොරව රෑට ඔහු නිදා ගනියි
ගොරවනකොට හරිම බයයි කන් වසා ගනී
එහෙත් ගොරව ගොරව රෑට ඔහු නිදා ගනියි
වළං පිඟන් හෝදනවා
අපේ ළිඳෙන් වතුර අදිනවා
සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කරදෙන්නේ
සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ
වතුපිටිවල ගෙදර දොරේ වැඩ කරදෙන්නේ