මම දුකින් තමයි ඉන්නේ කවුද මාව බලාගන්නේ
අසරණ අනාථ පුංචි ළමෙක් මං
මං පුංචි පැලක ඉන්නේ නිතර දුකින් කල් ගෙවන්නේ
අසරණ අනාථ පුංචි ළමෙක් මං
බස් නැවතුම් වල දුම්රියපළ වල
නිතරම ගැවසෙනවා
කීයක් හරි මට දෙනනැයි හමුවන
අයගෙන් ඉල්ලනවා
මම දුකින් තමයි ඉන්නේ කවුද මාව බලාගන්නේ
අසරණ අනාථ පුංචි ළමෙක් මං
මං පුංචි පැලක ඉන්නේ නිතර දුකින් කල් ගෙවන්නේ
අසරණ අනාථ පුංචි ළමෙක් මං
පිටකොටුවේ මරදානේ බොරැල්ලේ
සිඟමන් ඉල්ලනවා
සමහර දිනවල දාඩිය දාගෙන
බඩගින්නෙම එනවා
මම දුකින් තමයි ඉන්නේ කවුද මාව බලාගන්නේ
අසරණ අනාථ පුංචි ළමෙක් මං
මං පුංචි පැලක ඉන්නේ නිතර දුකින් කල් ගෙවන්නේ
අසරණ අනාථ පුංචි ළමෙක් මං
එක ඉර හඳමයි කාටත් පොදුවේ
අහසේ පායන්නේ
දුප්පන් පෝසත් වෙනසක් එහෙනම්
ඇයි මේ පවතින්නේ
මම දුකින් තමයි ඉන්නේ කවුද මාව බලාගන්නේ
අසරණ අනාථ පුංචි ළමෙක් මං
මං පුංචි පැලක ඉන්නේ නිතර දුකින් කල් ගෙවන්නේ
අසරණ අනාථ පුංචි ළමෙක් මං