මේ රෑ... කළුවර කාමරේක මං තනිවෙලා
මනුස්සකම ජීවිතේ හිඩැසක් වෙලා
සිරසත් බරෙන් තිරිසන් - තිරසක් වෙලා
පිහි තුඩක් දිලිසෙනවා මගේ ලෝකෙට අන්ධකාරේ තරු එළියක් වෙලා
මගේ මනසේ overdose වෙලා, American හීනයක්
මොළේ සෛල වලගේ අරාජික කාලයක්
කණ කැස්බෑවෙක් මං, විය සිදුරෙන් අහස බලන
දැවෙන - තැවෙන මගේ මොළේ මගේ ම හදවතේ බිත්තිවල ගගහා අඬන
ජීවිතේම බොරු... හදවතින් ම හොරු අපි
ඇබ්බැහි වෙලා - තුප්පහි වෙලා - කුම්මැහි වෙලා... හැමදාමත්
මට මැරෙන්න බැරි හින්දා උන් මරං - ලෝකෙ ට පේන්න සුවඳ දුම් අරං
නිස්සාර ලොවක - අස්ථාර මගක - ප් රස්ථාර රූප, මම ප් රෙහේලිකා ඇඳන්
දැක්කා හීන මම - මැව්වා හීන පැතුම් සිතැඟි පරිද්දෙන් හැමදාම රෑට
ඈත තරු දිහා බලන් පියවි ලෝකයේ වායුගෝලය ට ගිනි අරන් විසි වෙන
යන පාරේ මගින් මග නැවතිලා හොයනවා දෙවියනේ මගේ ජීවිතේ කෝ ?
ජීවයක් නෑ අද මගේ ජීවිතේ මගේ හිතත් දැන් වෙලා පෝසිලේන් ඩෝ!
ප්ලාස්ටික් ලෝකෙක පස් කකා - කරනවා යථාර්ථය නිෂ්ප් රභා
කාළකන්ණිකමේ සිවිලිම යට මම මගේ ආත්මය හිස් කලා
මං හදපු ප්ලාස්ටික් හීන උණුවෙලා, වැක්කෙරෙද්දී ඒ හීන දියවෙලා
මගේ ම ප්ලාස්ටික් හීන වලින් අද මගේ ම ආත්මය පිච්චිලා
පාට පාට බොරුවකට ධූර්තවෙලා, මගේ මනුස්සකම් ධූරීන්භූත වෙලා
පිහියක් අරන් - දිනුමක් හොයන් - මිටමොළවන් යනවා මං වාෂ්ප වෙලා
හත්පොලක ට ඇනගෙන ගියත් මට මගේ හීනවලින් මගේ ආත්මය පිරේ
හීන දකින එක වැරැද්දක් නම් මම ජීවීතාන්තය දක්වා හිරේ
පාවී සිහිනය ක මා සිර වී... කිමිදිලා
සිතුවිල්ලක පාර සොයනා... මා
කොටු වී, කැඩපත තුළ මා ගොළු වී... ඇබ්බැහි වෙලා
සිතුවිල්ලක පාර සොයනා... මා
දිව අග නෙත්
ත් රිවිද හිර නිවන - විලිද මම නිවන
ගිලෙන දියක මම කැඩපතකින්
සුගඳ හමන - දුගඳ හමන, භූගත වූ ගතේ සිතුවිලි පැලඳගෙන විත්
ප් රිස්ම හතක - විස්මක් ඇති මිනිසා ත් තිරිසනෙක්ම දැයි
අමතක වී - සඳ බොඳවී... අනුබල දීමක් නැති වේදිකාවක පියමැනගෙන
වීදි කැරකෙන - නීති නැලවෙන - පීලි පැනගෙන - බැනගෙන මම ත් රෙදි ඇඳගෙන
දිවි සැණකෙළි මිත් යා - විද් යා වෙන හිත් යා වෙන්නෙ ම රෙදි ගැලවෙන
සිහිය පැනගෙන - පිහියක් අරගෙන... කීතු - කීතු වී, සිහින පීනමින්
පණ තියන පෑන නෑ දැන්, දෙවියන්ට බාරත් නෑ දැන් මං
දෙවියන්ට බාරත් නෑ දැං මං
දෙවියන්ට බාරත් නෑ දැං මං
දෙවියන්ට බාරත් නෑ දැං මං
දෙවියන්ට බාර
සාධුකාර හිත් - භාරහාර පින් - කාගේ කාගේ හිත් - අන්ධකාර
මං ද මානසික්...? මං ද මානසික්...? කණ ට ගහගත්තා අනන්ත වාර
දකින දේ අලසයි හිතන වෙලාව
කැඩපතට ම කෙළ ගහලා විලාප
සර්! සර්!... මේ අන්තිම පාර, ඒත් තාම මගේ අතේ පෑන
ඒත් තාම මගේ අතේ පෑන
ඒත් තාම මගේ අතේ පෑන
ඒත් තාම මගේ අතේ පෑන
ඒත් තාම
බිඳ දැහැන දෙවියන්ද මා?
විඳගෙන සැහෙන ගිනි කන්දරාවල්
හෙට ඉර පායනකොට මට ආතල්
ඒත් ඉර පායනකන් කන චාටර්
සවනට... හරිද, බලු ද, කිලි ද
විනිවිද හිඩැස්, ඉඳගෙන විඳගෙන මං
වෙනස නම්, වෙනස මං
මිළ කල මිනිසාය... පිණිසම තිබහක්
වෙස්ට්නාහිර
පාවී සිහිනය ක මා සිර වී... කිමිදිලා
සිතුවිල්ලක පාර සොයනා... මා
කොටු වී, කැඩපත තුළ මා ගොළු වී... ඇබ්බැහි වෙලා
සිතුවිල්ලක පාර සොයනා... මා