ඇසෙන නෑසෙනා සරයක දැවටුණු
නුඹගේ හඩ මගෙ හදෙහි වැදේ
දෑසෙහි කැල්මන් සුළගෙහි පාවී
දිවවිත් මා සිප ගනුද දැනේ
සීතල අතරින් උණුහුම ගෙන එන
කවුරුත් නොම එන අවන්හලේ
වදනින් නොගයන සුසුමුදු ගීතය
නෙතගින් නුඹ ගයනවා පෙනේ
වදනින් නොගයන සුසුමුදු ගීතය
නෙතගින් නුඹ ගයනවා පෙනේ
එහෙමෙහෙ දිවයන මා රළු අතැගිලි
නුඹෙ මුදු දෑතේ එතෙනු නැතී
එනමුදු සොදුරිය වෙන එක භවයක
හමුවෙන්නට ගිවිසිමුද අපී
සීතල අතරින් උණුහුම ගෙන එන
කවුරුත් නොම එන අවන්හලේ
වදනින් නොගයන සුසුමුදු ගීතය
නෙතගින් නුඹ ගයනවා පෙනේ
වදනින් නොගයන සුසුමුදු ගීතය
නෙතගින් නුඹ ගයනවා පෙනේ
සීතල අතරින් උණුහුම ගෙන එන
කවුරුත් නොම එන අවන්හලේ
වදනින් නොගයන සුසුමුදු ගීතය
නෙතගින් නුඹ ගයනවා පෙනේ
වදනින් නොගයන සුසුමුදු ගීතය
නෙතගින් නුඹ ගයනවා පෙනේ