දෙනෙතේ රැදුනු එක රුවයි
මනසේ රැදුනු ඒ රුවයි
සිත මගෙ බැදුනෙ නුඹටමයි
හදවත රැගෙන ගියෙ නුඹයි
නුඹ ගැන සිතෙන තරම් මා පමණයි දන්නේ
මේ සිත අකීකරු වෙලා
සෙව්ව තරම් ඔබෙ නිල් නුවන්
වීදි පුරා මුලු පුරවරේ
නුඹෙ වත දකින තුරා මගෙ සිත නතරවෙලා
සුසුමන් පවා නුඹෙ වෙලා
නුඹේ නමින් මුලු රෑ දිවා
පැතූ පැතුම් මුලු හද පුරා
ඉටුවන තුරාවටම හිදිනෙමි එකම සිතින්
නුඹ මගෙ ජීවිතය වෙලා