සොඳුරේ අපේ මේ ආදරේ
නොමැකේ සදා තිබෙනා තුරා සෙනෙහස හදේ
සංසාරයේ ගීයක් වගේ තනුවක් වටා
ඒ ආදරේ පදවැල් ගෙතේ..
සොඳුරේ ඔබ සොයා මං ආවා..
සසරේ බැඳි පෙමින් හමු වූවා..
නවතින්නම් ප් රියේ ඔබ හා මා....
පහසේ එදා දැනුණා කී කාරණා
හැඟුනා ආලේ සුවේ නුඹ නිසා මා හා
දෑසේ කතා දින ගානේ තේරුණා
බැඳුනා ආශා නුරා නොසිතූවා සේ එදා...
සොඳුරේ ඔබ සොයා මං ආවා..
සසරේ බැඳි පෙමින් හමු වූවා..
නවතින්නම් ප් රියේ ඔබ හා මා....
සිහිනේ සරා සදසේ රෑ පායලා
දැනුනා ස්නේහේ රසේ ආදරී මා හා
පැහැදුල් සිනා දෙතොලේ ඒ වෑහෙනා
නුදුරේ මාගේම වී සැනසේවී මා සදා...
සොඳුරේ ඔබ සොයා මං ආවා..
සසරේ බැඳි පෙමින් හමු වූවා..
නවතින්නම් ප් රියේ ඔබ හා මා....