සේයා මවනා හීන සායම්
සේදී යන සේ රූ පිරූ මායම්
හිතවත් සෙනෙහෙන් රැදුනත් පහසින් මෙදා
මා හා නොවනා හිතකට තුරුලු වීනම්
ආයේ නුඹ ආයේ
නාවේ හිම මල් යායේ
සැගවී කොහේ හෝ ඈ යා වුනාදෝ
ආයේ නුඹ නාවේ මේ
රහසේ රෑ අහසේ මා
මා නොවනා හීනෙක මා සොයා
මත් ලවන් සේයා හදේ තියා
නෙත් සරින් සොබා.. යහන් වෙනා
,මා සැනසෙන්නම්..
නැවතී ඉන්නේනම්..
මතක පාරනා රූ සොයාගියා
ආයේ නුඹ ආයේ
නාවේ හිම මල් යායේ
සැගවී කොහේ හෝ මා හා වුනාදෝ
ආයේ නුඹ නාවේ හේ
රහසේ රැදුනාවායේ
මා නොවනා හීනෙක ඈ සොයා